ප්‍රධාන පුවත්

ජානකී සිරිවර්ධන අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අල්ලස් චෝදනාවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයට අයත් නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමිය ක්‍රිෂ් සමාගම සඳහා කඩිනමින් ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට ඇයට චෝදනා එල්ල වී ඇත.

එම රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිසම සම්බන්ධයෙන් පළ වූ වාර්තාවල සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button