ප්‍රධාන පුවත්

නව පනත් කෙටුම්පතෙන් සුනඛ ලියාපදිංචියට නීති

සුනඛ ලියාපදිංචිය ඇතුළු ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීම සහ ඔවුන්ගේ ගහනය පාලනය කිරීම විධිමත් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර වේ.

එමෙන්ම වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම දැඩි නියාමනයකට යටත් කිරීමටත්, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීමටත් එමඟින් යෝජනා කර ඇත.

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුවක් මෙන්ම ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමටද නව පනත් කෙටුම්පත යටතේ විධිවිධාන සැලසීමට නියමිතය.

මේ අතර, 476 වන අධිකාරය වන ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ 477 වන අධිකාරය වන බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කිරීමටද යෝජනා කර තිබේ.

ඊට අදාළ සහ ආනුෂංගික කරුණු සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමද මෙම පනත් කෙටුම්පතේ අරමුණකි.

පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (25) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button