
වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම සීමා කිරීම පිළිබඳව රජය විසින් විශේෂ අවධානයක් යොමු කර ඇත.
ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් මේ වනවිටත් අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
වයස අවුරුදු 12ට අඩු ළමුන්ගේ දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බවට රජය විසින් යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති අතර, ඒ සමඟ සමාජ මාධ්‍ය භාවිතයද තහනම් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත.
ලෝකයේ රටවල් රැසක පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති බවත්, ඒ පිළිබඳවද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
ළමුන් අන්තර්ජාලයට සම්බන්ධ වීම හේතුවෙන් විවිධ සදාචාර විරෝධී සිදුවීම් වැඩිවී ඇති බව දක්නට ලැබෙන බැවින්, සමාජ මාධ්‍ය භාවිතයට සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය වී ඇති බවද ඇය පැවසුවාය.
මෙයට අමතරව, ළමුන්ට එරෙහි සයිබර් අපරාධ පිළිබඳව කටයුතු කිරීමට නව නීතියක් හඳුන්වා දීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවී තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත 2025 වර්ෂය තුළ ළමුන් සම්බන්ධ පැමිණිලි 10,455ක් ලැබී ඇති බව සඳහන් වේ.
- ඒ අතරින්, එම අධිකාරියේ පනතට අදාළ පැමිණිලි 8,514ක් වන අතර, එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි 1,941ක් ද ඇතුළත් වේ.
පසුගිය වසරේ ලැබුණු පැමිණිලි අතර ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි 545ක් සහ බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 231ක් වාර්තා වී ඇත.
තවද, 2025 වසර තුළ යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සහ ගබ්සා කිරීම් 03ක් සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම් දෙයි.
එම වසර තුළ ළමා විවාහ 9ක් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 38ක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.
ඊට අමතරව, ළමුන්ට එරෙහි සයිබර් හිංසාව සම්බන්ධ පැමිණිලි 150ක් සහ සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ද ලැබී ඇති බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ද, අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස්ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක් ද පසුගිය වසරේදී ලැබී තිබේ.



