
ප්‍රධාන පුවත්
විමල් වීරවංශගේ ප්‍රකාශය ගැන CCIB පරීක්ෂණයක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන CCIB පරීක්ෂණයක්
විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයකට අනුව මෙම CCIB විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී හිටපු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකෙරේ.
එම ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.
ඒ අනුව ඉදිරි දිනකදී විමල් වීරවංශ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබේ.



