
2026 ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සාර්ථක ලෙස නිමාවට
බැඩ්මින්ටන් ක්‍රීඩාවට වැඩි ජනප්‍රියතාවයක් ලබාදීම සහ එහි උද්යෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” කොළඹ රාජකීය විද්‍යාලීය බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 යන දිනවල සාර්ථකව පැවැත්විණි.
මෙම තරගාවලිය සඳහා දිවයින පුරා සිට පැමිණි බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ හිටපු ජාතික ශූරයන් රැසක්ද සහභාගී වී තිබුණි.
18 වතාවක් ජාතික ශූරතාව දිනාගත් නිලුක කරුණාරත්න මහතාට අමතරව, ජාතික ශූරයන් වන නිරෝෂන් විජේකෝන්, කුසාලි දිසානායක සහ දුමින්ද ජයකෝඩි ද මෙම තරගාවලියේ දී ක්‍රීඩා කළහ.
වයස් කාණ්ඩ අනුව වෙන්කර ගත් ද්විත්ව තරග (35ට වැඩි, 40ට වැඩි, 45ට වැඩි, 50ට වැඩි, 55ට වැඩි), කොම්බයින් කාණ්ඩ (90+, 100+) සහ මිශ්‍ර ද්විත්ව ඇතුළු විවිධ තරඟ කාණ්ඩ යටතේ තරඟ සංවිධානය කර තිබුණි.
35ට වැඩි වයස් කාණ්ඩයේ ශූරතාව නිලුක කරුණාරත්න සහ චරිත් විජේනායක යුගලය විසින් දිනාගත් අතර, ඉරේෂ් ද සිල්වා සහ ඉමන්ධ නිමල්චන්ද්‍ර යුගලය අනුශූරතාවයට පත්විය.
40ට වැඩි කාණ්ඩයේදී ශූරතාව නිලුක කරුණාරත්න සහ රන්දික පීරිස් යුගලයට හිමිවූ අතර, තනුජ ලියනගේ සහ සුසිල් කරුණාරත්න යුගලය දෙවන ස්ථානය ලබා ගත්තේය.
55ට වැඩි කාණ්ඩයේ ශූරතාව ක්ලැරන්ස් හෝම්ස් සහ දුමින්ද සෝමනායක යුගලය දිනාගත් අතර, කොම්බයින් 100+ කාණ්ඩයේ ශූරතාව රොෂාන් පද්මකුමාර සහ රොහාන් ප්‍රනාන්දු යුගලය විසින් හිමිකර ගනු ලැබීය.
එසේම, මිශ්‍ර ද්විත්ව කාණ්ඩයේ ශූරතාව දුමින්ද ජයකෝඩි සහ ප්‍රියංකා අබේරත්න යුගලය විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය.



