
රුසියානු තෙල් මිලදී ගන්නා රටවල් හට 100% තීරුබදු
රුසියානු තෙල් මිලදී ගන්නා රටවල් හට 100% දක්වා තීරුබදු පැනවීමේ බලය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදෙන නව නීතියක් ක්‍රියාත්මක කර තිබේ.
යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධයට ලැබෙන මූල්‍ය ආධාරය අඩපණ කිරීමේ අරමුණින් සකස් කළ ‘Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026’ නීතියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.
මෙම නීතිය යටතේ රුසියානු තෙල් සහ ස්වභාවික ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවල භාණ්ඩ සඳහා 100% දක්වා තීරුබදු පැනවීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. කෙසේ වෙතත්, එම තීරුබදු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවක් නීතියෙන් අදහස් නොවන අතර, ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබේ.
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙම පනත ඡන්ද 262-159කින් සම්මත කර දින දෙකකට පසුව ට්‍රම්ප් විසින් ඊට අත්සන් තබා ඇත.
අභාවප්‍රාප්ත වූ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රෑම් සිහිපත් කිරීම සඳහා මෙම නීතිය ඔහුගේ නමින් නම් කර තිබේ.
නව නීතිය මගින් රුසියානු රාජ්‍ය නිලධාරීන්, බැංකු සහ බලශක්ති ක්ෂේත්රයට අමතරව, රුසියාවට එරෙහි සම්බාධක මඟහැරීමට සහාය වන විදේශීය ආයතන හා රුසියානු තෙල් ප්‍රවාහනයට සම්බන්ධ නෞකා ජාලයටද සම්බාධක පැනවීමේ ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.
රුසියානු බොරතෙල් විශාල වශයෙන් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මෙම නව නීතිය යටතේ ඇති තීරුබදු බලතල විශේෂ බලපෑමක් ඇති කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



