කාලගුණය

මුහුද රළු වෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුද රළු වෙයි අවවාදය හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (12) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (13) පෙරවරු 11.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය. එම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද දැනුම් දී ඇත.

එමෙන්ම හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 3.0ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.

මේ අතර බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිම දෙසට පැමිණීමේ අවදානමක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් මෙම කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button