
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනතට කථානායක සහතිකය
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) සිය සහතිකය සටහන් කර තිබේ.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
අදාළ පනත් කෙටුම්පත පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ඉන් අනතුරුව එය නීතියක් බවට පත් කිරීම සඳහා කථානායකවරයාගේ සහතිකය සටහන් කර තිබේ.
දඩ මුදල් රුපියල් ලක්ෂය දක්වා ඉහළට
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනත මගින් සිදුකරන ප්‍රධාන වෙනසක් වන්නේ පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන සමාජ හා ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන පරිදි වැඩි කිරීමයි.
ඒ අනුව, එම වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල රුපියල් දස දහසක සිට රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට නව සංශෝධනය මගින් පියවර ගෙන ඇත.
වයස අවුරුදු 16ට අඩු ළමුන් සේවයේ යෙදවීම තහනම්
1956 අංක 47 දරන පනත යටතේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
එම පනතට අදාළ වැරදි සඳහා මෙතෙක් පැවති දඩ මුදල් වර්තමාන තත්ත්වයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒවා සංශෝධනය කිරීම මෙම නව පනත මගින් සිදුකර ඇත.
ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.



