සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් 95,493ක් – ගෙවුණු මාසයේ 10,157ක්

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 95,493ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනාවරණය කරයි. එම කාලය තුළ දිවයින පුරා ඩෙංගු ආසාදිත මරණ 72ක්ද වාර්තා වී තිබේ.

ජූලි මාසයේදී වැඩිම රෝගීන්

2026 වසරේ මෙතෙක් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි.

ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේදී රෝගීන් 10,157ක් වාර්තා වී තිබේ.

ඩෙංගු මරණ අනුපාතිකය මේ වනවිට 0.076%ක් ලෙස සටහන් වී ඇත.

බස්නාහිර පළාතෙන් රෝගීන් 50,506ක්

දිවයිනේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් අතරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 50,506කි.

දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 13,886ක්ද, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,710ක්ද වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය ඉදිරියෙන්

දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 21.31%කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 18,914ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,977ක් වාර්තා වී තිබේ.

මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 50ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button