
ප්රධාන පුවත්
දින දෙකට අධිවේගී මාර්ගවලින් කෝටි 12ක ආදායමක්
පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග ආදායම රුපියල් 124,574,925ක් දක්වා ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය හරහා වාහන 325,316ක් ධාවනය වී තිබේ. අගෝස්තු 26 වනදා වාහන 163,763ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති අතර, එදින උපයා ඇති ආදායම රුපියල් 60,409,995කි.
අගෝස්තු 27 වනදා වාහන 161,553ක් අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කර ඇති අතර, එදින ලැබූ ආදායම රුපියල් 64,164,930ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම දින දෙක තුළ වැඩිම වාහන ගමනාගමනයක් වාර්තා වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය වන E01 සහ E02 ඔස්සේය.



