අධ්‍යාපන

ශ්‍රී ලංකා ගුරු සේවයේ III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත 2026 III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

2026 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත විභාගයට අදාළව අද (25) සිට සැප්තැම්බර් 14 දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

මෙම III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්බන්ධ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 21 වැනිදා නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස්වී වසර හතරක් සම්පූර්ණ වීමට පෙර III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කිරීම අනිවාර්ය බව සඳහන් වේ.

එසේම 2-I ශ්‍රේණියට උසස්වී වසර හතරක් ඉක්මවා ඇති නමුත්, 2025 ජුනි 30 වැනිදායින් පසුව I ශ්‍රේණියට උසස්වීම් ලබන ගුරුවරුන් ද අදාළ උසස්වීම සඳහා III කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය.

විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලවල විෂය නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-Thaksalawa නිල වෙබ් අඩවියට එක්කර ඇති අතර, එම විෂය කරුණු අධ්‍යයනය කර විභාගයට සූදානම් වන ලෙස අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button