කාලගුණය

වැසි තත්ත්වය 25 වැනිදා සිට වැඩිවෙයි – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක්

වැසි තත්ත්වය 25 වැනිදා සිට වැඩිවෙයි

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තරමක් වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර ප්‍රදේශවලට තරමක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමනායක මහතා සඳහන් කළේය.

වැසි තත්ත්වය සමඟ උෂ්ණත්වයත් ඉහළට

අද (23) බස්නාහිර හා සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

මේ අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර ප්‍රදේශවල සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර ඉහළ යා හැකි බවද සඳහන් වේ.

ඒ අනුව දහවල් කාලයේ එළිමහනේ රැඳී සිටීම සීමා කර වැඩිපුර ජලය පානය කරන ලෙසත් සිසිල් ස්ථානවල රැඳී සිටින ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

තවද කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button