ප්‍රධාන පුවත්

අලි ඇතුන් ලබාදීම ගැන ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර ඇතුළු ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු නියෝගයක් හෝ බාධාවක් පනවා නොමැති බවයි.

එමෙන්ම අදාළ සංස්කෘතික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් අඛණ්ඩව සපයන බවද ඔහු පැවසීය.

සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙන්ම විශේෂඥ කණ්ඩායමක් එක්ව මෙම ගැසට් නිවේදනය සකස් කරමින් සිටින බවත්, එහි කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා,

“විශේෂයෙන් කියන්න ඕනේ දළදා පෙරහැරට හෝ වෙනත් ආගමික කටයුතුවලට අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කිසිදු ආකාරයෙන් ලබා නොදීමේ තීරණයක රජය නෑ ඒ වෙනුවෙන් අදාළ පහසුකම් රජය සපයනවා. රජය තීරණය කෙරුවා විශේෂයෙන් සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ඒ වගේම මේකට විශේෂඥ කණ්ඩායමක් සමග එක්ව මේ සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම, ගැසට් නිවේදනයක් සකස් කිරීම සම්බන්ධයෙන්. ඒ පිරිස මේ වන විට එය සකසමින් තිබෙනවා. එය අවසාන අදියරේ තිබෙනවා විශේෂයෙන් පෙරහැරවල් සහ සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්“

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button