ප්‍රධාන පුවත්

ඉන්ධන ආනයන වියදම ඉහළට – අග්‍රාමාත්‍යවරිය

මෙම වසරේ පළමු භාගයේදී ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

මැදපෙරදිග පවතින ගැටුම් හමුවේ ගෝලීය බොරතෙල් මිල සහ ඉන්ධන ආනයන පිරිවැය කෙරෙහි ඇති බලපෑම සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න අවස්ථාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, මෙම වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයනය සඳහා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3,168ක මුදලක් වැය වී ඇති බවයි.

එමෙන්ම 2025 වසරේ අදාළ කාලසීමාවේදී ඉන්ධන ආනයනය සඳහා වැය කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1,995ක් බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව, පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button