
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංකේත වැඩවර්ජනයක
දිවයින පුරා සේවයේ නිරත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, පෙරේදා (19) රාත්‍රියේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව ඊයේ (20) සිට දිවයින පුරා සියලුම ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.
ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ලිපියක්ද යොමු කර ඇති බව සඳහන් වේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ.





