ප්‍රධාන පුවත්

අන්තර්ජාලයෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය විකුණා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලීසිය අනතුරු අඟවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇස්බැස්ටෝස්, සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට ලබාදෙන බවට දැන්වීම් පළකරමින් සැකකරුවන් ඇණවුම් ලබාගන්නා බව පොලීසිය පවසයි.

ඇණවුම ලැබීමෙන් අනතුරුව, එම භාණ්ඩ ඇණවුම් කළ පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් සම්බන්ධ කරගන්නා වංචාකරුවන්, අදාළ භාණ්ඩ නිවසට ලබාදීමට කටයුතු කරන බව සඳහන් වේ.

භාණ්ඩ නිවසට පැමිණි අවස්ථාවේදී වංචාකරුවන් විසින් තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැරකර ගන්නා අතර, භාණ්ඩ රැගෙන පැමිණි රියදුරු මුදල් ඉල්ලා සිටීමේදී පාරිභෝගිකයා වංචාවට හසුව ඇති බව අනාවරණය වන බව පොලීසිය පෙන්වා දෙයි.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ අඩු මිලට ඉදිකිරීම් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button