
ප්‍රධාන පුවත්
අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙකු රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එම කටයුතු සිදු කිරීමට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් ඔහුට අයත් ඉන්ධනහලක සේවකයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



