ප්‍රධාන පුවත්

විදෙස් සංචිත ජූලි මාසයේදී ඩොලර් මිලියන 6,591ක් දක්වා ඉහළට

විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී මෙරට සමස්ත නිල විදෙස් සංචිතවල 2.017%ක සුළු වර්ධනයක් වාර්තා වී තිබේ.

ජූනි මාසයේදී මෙරට සමස්ත නිල විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන්ව තිබූ අතර, ජූලි මාසයේදී එය ඩොලර් මිලියන 133කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය ජූලි මාසය වන විට මෙරට සමස්ත නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස වාර්තා වී ඇත.

මේ අතර, ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී මෙරට රන් සංචිතවලද සුළු වර්ධනයක් සිදුව තිබේ.

ජූනි මාසයේදී ඩොලර් මිලියන 191ක් ලෙස පැවති රන් සංචිත ප්‍රමාණය ජූලි මාසයේදී ඩොලර් මිලියන 192ක් දක්වා ඩොලර් මිලියනයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button