
ප්‍රධාන පුවත්
කොළඹ – කුවේට් ගුවන් ගමන් අද පස්වරුවේ සිට යළි ඇරඹේ
කොළඹ – කුවේට් ගුවන් ගමන් අද (08) පස්වරුවේ සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
මැදපෙරදිග කලාපයේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ සහ කුවේටය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට මීට පෙර පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට කලාපයේ පැවති යුදමය තත්ත්වය යම් ප්‍රමාණයකට සමනය වී ඇති බැවින් ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.



