
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල තත්ත්වය පාලනය කෙරෙ
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල අද (07) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාර දෙකේම පාලනය නැවත සිය භාරයට ගෙන ඇති අතර ආරක්ෂක වැඩපිළිවෙළද තවදුරටත් ශක්තිමත් කර ඇති බවයි.
අද උදෑසන මුලින්ම කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වූ අතර, එය පසුව මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාද පැතිර ගියේය.
එම සිද්ධියෙන් කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු රෝහල්ගත කෙරුණු අතර, දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවද වාර්තා වේ.
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.
තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF), පොලිස් කැරලි මර්දන ඒකකය, යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මෙහෙයුම් සිදු කළ අතර, මේ වන විට බන්ධනාගාර දෙකෙහිම සාමාන්‍ය ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.



