
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන් පාලනය කරයි
ඇති වූ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා මහතා ප්‍රකාශ කරයි.
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළතට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමෙන් අනතුරුව රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්ය.
එම සිද්ධියෙන් පසු සිරමැදිරියක අගුළු බිඳ රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කඩිනමින් තත්ත්වය පාලනය කර ඔවුන් යළි සිරකුටි වෙත යොමු කර තිබේ.
ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා බන්ධනාගාර පරිශ්‍රය සහ අවට ප්‍රදේශයට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ඇති අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද භාවිත කර ඇති බව වාර්තා වේ.



