ප්‍රධාන පුවත්

වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනතාවට විවෘත වෙයි

දූෂණ විරෝධී පනත යටතේ මහජන නියෝජිතයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා පනත යළි සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළ අතර, දැනට ක්‍රියාත්මක වන නීතිමය ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල අරමුණ බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය.

“2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්.එම පනතේ 86 සහ 88 වගන්ති අනුව තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන් දේශපාලන නායකත්වය මේ සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනි කියන එක. ඒ අනුව එම පනතට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300ක් පමණ ජනාධිපතිගේ සිට පහළට මේ තොරතුරු වත්කම් බැරකම් ප්‍රකාශවල සියල්ල ලබාදිය යුතුව තිබුණා. ඒක දිය යුතුව තිබුණේ මුද්‍රිතව. ඉන් පසුව එය සංශෝධනය කලා මෙය ලබාදීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න….”

අදාළ සංශෝධන ක්‍රියාත්මක වීමෙන් පසු මහජන නියෝජිතයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කළ හැකි පරිදි නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට නියමිතය. මෙය රාජ්‍ය පාලනයේ විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගන්නා වැදගත් පියවරක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button