
ප්‍රසන්න රණතුංගගේ නඩුව ඔක්තෝබර් 20ට යළි කැඳවයි
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පවතින ප්‍රසන්න රණතුංගගේ නඩුව සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් 20 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (04) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා, ජර්මනිය සහ ඩුබායි වෙත වීසා ලබාගැනීම සඳහා තම සේවාදායකයාට විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය බැවින්, දැනට ඇප කොන්දේසි යටතේ ඔහු භාරයේ ඇති එම ගමන් බලපත්‍රය තවදුරටත් රඳවා ගැනීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, පෙර ලබාදුන් අවසරය පරිදි විදේශ ගමන් බලපත්‍රය සැකකරු භාරයේ තවදුරටත් තබා ගැනීමට අවසර ලබා දුන් අතර, ප්‍රසන්න රණතුංගගේ නඩුව සම්බන්ධ විමර්ශන ප්‍රගතිය ඇතුළත් වාර්තාව ඔක්තෝබර් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අල්ලස් කොමිසමට නියෝග කළේය.



