ප්‍රධාන පුවත්

බදු පැහැර හැරි මත්පැන් සමාගම් හට දිසා අධිකරණයේ නඩු

මත්පැන් සමාගම් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් එම බදු මුදල් අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අදාළ බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ, බදු පැහැර හැරි සමාගම්වලින් අදාළ මුදල් අයකර ගැනීමේ අරමුණින් දිසා අධිකරණයේ නඩු පැවරීමේ ක්‍රියාමාර්ග මේ වන විට ආරම්භ කර ඇති බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button