
ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරවලින් ඉරානය ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු මරුට
ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසන්නේ ඉරානයේ බුද්ධි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සයෙඩ් හමිඩි සහ බුද්ධි කටයුතු අමාත්‍යාංශයේ ඔත්තුබැලීමේ අංශ ප්‍රධානී ජලාල් හොසේන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එම ප්‍රහාර මාලාවේදී ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානියා ද මියගොස් ඇති බව වාර්තා වේ. ඉරාන බුද්ධි කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඉලක්ක කරගෙන ද ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.
තවද, පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ පුද්ගලයින් 500 ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ, නගර 130කට එල්ල වූ ප්‍රහාරවලින් 555 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර, ඊශ්‍රායල හමුදා අද දිනයේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. එම ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
විශේෂයෙන්, බේරූට් නගරයට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



