
ශ්‍රී ලංකා ක්රිකට්ට ලැබෙන සෘණ ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වයට බලපායි – නායක දසුන් ශානක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමාජ මාධ්‍ය සහ විවිධ වටාපිටාවන් තුළින් ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට දැඩි ලෙස බලපාන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කරයි.
ඊයේ (25) ICC Men’s T20 World Cup තරගාවලියේ සුපිරි 8 වටයේදී New Zealand කණ්ඩායම සමඟ පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.
කොළඹ පිහිටි R. Premadasa Stadium ක්‍රීඩාංගණයේ පැවති එම තීරණාත්මක තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 107ක් පමණි. එම ප්‍රතිඵලයත් සමඟ ශ්‍රී ලංකාව ලකුණු 61කින් පරාජයට පත් විය.
තරගයෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ ශානක සඳහන් කළේ, කණ්ඩායමට එල්ලවන දැඩි විවේචන සහ සෘණාත්මක ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ විශ්වාසය හා මානසික සූදානම කෙරෙහි බලපෑම් සිදුකරන බවයි. තවද, කණ්ඩායම නැවත ශක්තිමත් වීමට සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
මාධ්‍යවේදියා – දසුන් ඔයගොල්ලෝ සෙල්ලං කරපු පිච් එක ගැන මොකද හිතන්නේ ?
දසුන් ශානක – මැච් එකට කලින් හිතුවේ ගොඩක් හොඳවෙයි කියලා. අපි හිතුවේ නැහැ මෙච්චර දඟකැවීමක් තියෙයි කියලා.
මාධ්‍යවේදියා – මැච් එකක් තියෙද්දි ලෝක කුසලානයෙන් ලංකාව එළියට විසික් වුණා. ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ.
දසුන් ශානක – මැච් එකක් තියෙනවා. හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන්ලා ටික තමයි මෙතන ඉන්නේ.
මාධ්‍යවේදියා – ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව ජාත්‍යන්තර මට්ටමේ තියෙනවාද ?
දසුන් ශානක – මම හිතන්නේ නැහැ උපරිමයෙන් තියෙනවා කියලා. ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි පොසිටිව් හිටියත් එළියෙන් ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් පරිසරයක්. ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට්වලට. මං හිතන්නේ නැහැ මේකත් රැකගන්න පුළුවන් කියලා. මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ. ඒ දේවල් ගවර්මන්ට් එකෙන් හරි නැවැත්තුවොත් මානසික සුවයට ඒක පහසුවක් වෙයි.



