
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
ප්‍රභූන් 11 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැහැදිලි කිරීමක් සිදු කළේය.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට වාර්තා පළ වූ අතර, ඒ සඳහා අශෝක රන්වල, මොහොමඩ් රිස්වි සාලි, සරත් කුමාර, අජිත් ශාන්ත, රුවන් විජේවීර ඇතුළු 11 දෙනෙකුගේ නම් සඳහන් වී තිබුණි.
කෙසේ වෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, විශේෂ ආරක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.
එම ලිපියට අනුව අදාළ පුද්ගලයින් සඳහා කිසිදු ප්‍රභූ ආරක්ෂාවක් ලබා දී නොමැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



