ක්‍රීඩා

කොලඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේ

2026 ක්‍රිකට් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් කරමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය ඊයේ දින  (28) පස්වරුවේදී විවෘත කෙරුණි.

 මෙරට ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කළ 5වන ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට SSC ක්‍රීඩාංගණය ඉතිහාසයට එක්වුනි . 

 මීට පෙර  පල්ලෙකැලේ,  කොළඹ ආර්. ප්‍රේමදාස,  සහ රංගිරි දඹුල්ල, සූරියවැව,   යන ක්‍රීඩාංගණවල විදුලි ආලෝක පද්ධති ස්ථාපනය කර තිබුණි.

LED තාක්ෂණය මත පදනම් වූ කුළුණු 6කින් සමන්විතය,

SSC ක්‍රීඩාංගණයේ මෙම නව ආලෝක පද්ධතිය

සමස්ත ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබාදීම සඳහා ‘LED ලුමිනියර්’ 630ක් (කුළුණු 3කට 100 වනසේ සහ කුළුණු 3කට 110 වන සේ) මේ සඳහා භාවිතා කර ඇත. 

මෙමගින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි දීප්තිය සහිත මෙම ආලෝක පද්ධතිය ක්‍රීඩකයින්ටත්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහාද උසස් දෘශ්‍ය පැහැදිළිතාවක් ලබාදෙනු ඇත.

ඊට අමතරව මෙරට සහ ජාත්‍යන්තර  නරඹන්නන්ට වැඩි ආශ්වාදයක් ගෙනඒමේ අරමුණින් දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහුවිධ මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි වන නවීන ආලෝකකරණ පාලන පද්ධතියක්ද ස්ථාපනය කර තිබීම මෙහි විශේෂත්වයක්කි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ම මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලෝක කුසලාන සමාරම්භක තරගය වන පාකිස්තාන –  නෙදර්ලන්ත තරගය ඇතුළුව මෙහි තරග 5ක් පැවැත්වීමට නියමිතය.

විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම පසු ප්‍රර්දර්ශනාත්මක ක්‍රිකට් තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, SSC ක්‍රීඩා සමාජයේ සභාපති රංජිත් පණ්ඩිතගේ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, SSC ක්‍රීඩා සමාජයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button