
ප්‍රධාන පුවත්
118 මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘතයි – පැමිණිලි ලබාදීමට නව පහසුකමක්
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන සම්බන්ධ මහජන පැමිණිලි සහ තොරතුරු ලබාගැනීම සඳහා 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය නිල වශයෙන් විවෘත කර තිබේ.
මෙම සේවාව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරම්භ කෙරිණි.
ඒ අනුව, 118 ගාස්තු රහිත දුරකථන අංකය ඔස්සේ මෙන්ම 118.pubsec.gov.lk මාර්ගගත පද්ධතිය හරහාද මහජන පැමිණිලි සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ පහසුකම ජනතාවට හිමි වේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන සම්බන්ධ පැමිණිලි හා තොරතුරු මෙම සේවාව හරහා ඉදිරිපත් කළ හැකිය.



