කාලගුණය

නායයෑම් අනතුරු ඇඟවීමක් දිස්ත්‍රික්ක 3කට

නායයෑම් අනතුරු ඇඟවීමක් කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (15) පෙරවරු 10.00ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එය හෙට (16) පෙරවරු 10.00 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වේ.

මෙම අනතුරු ඇඟවීම නායයෑම් අවදානම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදනයක් ලෙස නිකුත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ මෙම නිවේදනයට ඇතුළත් වේ.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට යන ප්‍රදේශ සඳහාද අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම ඒ අවට ප්‍රදේශ සඳහාද මෙම නිවේදනය අදාළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button