
හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
මැදපෙරදිග යුද තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, Iran විසින් Strait of Hormuz හරහා ගමන් කරන තෙල් නෞකා සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
Khatam al-Anbiya Central Headquarters නමින් හඳුන්වන ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන්කාමී අණදෙන මූලස්ථානය මේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
එම මූලස්ථානයේ ප්‍රකාශක Ebrahim Zolfaqari සඳහන් කර ඇත්තේ, United States, Israel සහ ඔවුන්ගේ මිත්‍ර රටවල් වාසි ලබන තෙල් ප්‍රවාහන නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවයි.
ඔහු අවධාරණය කරමින් ප්‍රකාශ කර තිබුණේ,
“අමෙරිකාව, ඊශ්‍රායලය සහ මිත්‍ර සන්ධානයේ රටවලට වාසිදායක වන කිසිදු ඉන්ධන ලීටරයක් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ.
ඊට අදාළ සෑම නෞකාවක්ම නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකනවා. ඉන්ධන බැරලයක් ඩොලර් 200ට මිලදී ගන්න ලැහැස්ති වෙන්න” යනුවෙනි.
එමෙන්ම ඔහු තවදුරටත් අනතුරු අඟවා ඇත්තේ Donald Trump වෙතත් Mossad බුද්ධි ඒජන්සිය වෙතත් යොමු කරමින්,
“ඔබ යුද්ධය ආරම්භ කරන්න, ඒක අවසන් වන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ අපි” යනුවෙන්ය.
මෙම ප්‍රකාශය සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල් සැපයුමට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර අවධානය තවදුරටත් වැඩිවෙමින් පවතී.



