කාලගුණය

හෙට සිට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි – කාලගුණයෙන් අනාවැකි

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට හෙට (20) දින සිට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව අද (20) දින පස්වරු 1.00 පසු බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 පමණ තරමක තද වැසි ලැබිය හැකි බවද සඳහන් වේ. එසේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊට අමතරව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් ඇතිවිය හැකි බවද දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හෙට සිට සවස් කාලයේදී දිවයින පුරා ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීම වැදගත් බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button