කාලගුණය

හෙට සිට වැසි තත්ත්වය ඉහළට

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය හෙට (06) සිට තවදුරටත් වැඩිවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (05) දිනයේද පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේද වැසි අපේක්ෂා කෙරේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.

උතුරු, උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං හමා යා හැක.

මධ්‍යම, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button