
අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවන තද වැසි
අද දින තද වැසි ඇතිවීමේ අවදානමක් දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද අද (30) දිනයේ වරින් වර වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේ ඇතැම් ප්රදේශවලටද සුළු වැසි ඇතිවීමේ හැකියාව පවතී.
අද තද වැසි ප්‍රදේශ රැසකට – මිලිමීටර් 50 ඉක්මවන තද වැසි ගැන අනාවැකියක්
මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලටත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇදහැලීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
කෙසේ වෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද සඳහන් කර ඇත.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



