අධ්‍යාපන

2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ 

2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අයදුම්කරුවන්ට https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/home.htm යන වෙබ් අඩවි වෙත පිවිස තම නැවත සමීක්ෂණ ප්‍රතිඵල පහසුවෙන් පරීක්ෂා කළ හැකිය.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස දැනුම් දී ඇත.

ඒ සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 27 84 208, 011 27 84 537 සහ 011 27 85 922 යන දුරකථන අංක භාවිතයෙන් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව සම්බන්ධ කරගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button