ප්‍රධාන පුවත්

ඩොලර් මිලියන 2.5 සිද්ධියේ වාර්තාව කාරක සභාවට

ඔස්ට්‍රේලියානු සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයකට මාරුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ මහා භාණ්ඩාගාර වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී ඇත.

අද (04) පැවති කාරක සභා රැස්වීමේදී එම වාර්තාව සියලුම සාමාජිකයින් වෙත බෙදාහැරීමට කටයුතු කළ බව සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

වාර්තාව සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ලබන සතියේ මුදල් ලේකම්වරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මේ අතර, මහා භාණ්ඩාගාරය විසින් අදාළ වාර්තාව කාරක සභා සභාපතිවරයාගේ නිවසට යොමු කළ අවස්ථාවේදී, එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඊයේ (03) නැවත හරවා යවා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු කාරක සභාවට අදාළ ලේඛනයක් තම පෞද්ගලික ලිපිනයට නොව පාර්ලිමේන්තුව වෙත භාරදිය යුතු බව පෙන්වා දෙමින් එම තීරණය ගත් බවද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button