
වකුගඩු රෝගය ගැන රතු එළියක්
වකුගඩු රෝගය මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 10කට ආසන්න පිරිසකට බලපා ඇති බවට හඳුනාගෙන ඇති අතර, තවද පරීක්ෂාවට ලක් නොවූ රෝගීන් විශාල සංඛ්‍යාවක් ද සිටිය හැකි බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ, වකුගඩු රෝගය ඇතිවීමට ප්‍රධානතම හේතුව දියවැඩියාව වන අතර, අනෙකුත් ආසියානු රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවයි. එම අගය සියයට 25ක් පමණ වන බවද ඇය පැවසුවාය.
දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම වකුගඩු රෝගයට ප්‍රධාන අවදානම් සාධකයක් බව පෙන්වා දුන් ඇය, අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහ ශරීරයට විෂ ද්‍රව්‍ය ඇතුළුවීමද රෝගය වර්ධනය වීමට බලපාන බව සඳහන් කළාය.
වර්තමානයේ වාර්තා වන සියයට 10ක පමණ වකුගඩු රෝගීන්ගේ ප්‍රතිශතය ඉදිරියේදී සියයට 25 දක්වාත්, තත්ත්වය පාලනය නොකළහොත් සියයට 30 සිට 40 දක්වාත් ඉහළ යා හැකි බවටද ඇය අනතුරු ඇඟවූවාය.
තවද, කොළඹ සහ අවට ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ සොයා බැලීමකදී තරුණ පිරිස් අතරද වකුගඩු රෝගයට ගොදුරු වූවන් හඳුනාගෙන ඇති බව සඳහන් කළ ඇය, කායවර්ධන සහ සම පැහැගැන්වීම සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ හා නිෂ්පාදන ද ඊට හේතුවක් විය හැකි බව පෙන්වා දුන්නාය.



