කාලගුණය

දිවයින පුරා වියළි කාලගුණය තවදුරටත් – මුහුදත් සාමාන්‍ය තත්ත්වයේ

දිවයින පුරා මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (07) අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

එමෙන්ම ඉදිරි පැය 24 තුළ දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම කාලය තුළ සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර විය හැකි බවද අනාවරණය කර ඇත.

ඒ අනුව දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයෙන් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button