ප්‍රධාන පුවත්

බද්දේගම වෙඩිතැබීමට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

බද්දේගම වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඊයේ (27) සිදුවූ මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව අපරාධයට ආධාර හා අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ පස්වරුවේ බද්දේගම, පෙඩෘවත්තට හැරෙන හන්දිය සහ හල්පාතොට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 170ක් සහ මෝටර් රථයක්ද සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 33ත් අතර වයස්වල පසුවන අතර, ඔවුන් කහවත්ත, පල්ලේබැද්ද සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button