ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (11) සමත් විය.

ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජයගැනීමත් සමඟය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකරමින් ජය තහවුරු කරගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන ඉරිදා (13) ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button