
TIN අංකය තවමත් නොගත් පිරිස මිලියන 4ක්
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 4කට ආසන්න බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් මිලියන 13කට වැඩි පිරිසක් TIN අංකය ලබාගෙන ඇති අතර, වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සියලු දෙනා සඳහා එය අනිවාර්ය කර ඇති බැවින්, සමස්තයෙන් මිලියන 17කට පමණ TIN අංකය ලබාගත යුතු බවයි.
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත යටතේ TIN අංකය විවිධ රාජ්‍ය හා මූල්‍ය කටයුතු සඳහා අනිවාර්ය කර තිබේ. බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචි කිරීම හා අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගැනීම ඇතුළු ගනුදෙනු රැසක් සඳහා TIN අංකය අවශ්‍ය වේ.
එසේම, අදාළ නව පනත අනුව TIN අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස සැලකෙන්නේ නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



