ප්‍රධාන පුවත්

ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුර දේශපාලනික කරුණු මත ලබා දීමට තිත – අමාත්‍ය හර්ෂණ නානායක්කාර

සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සාමදාන විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි නව ක්‍රමවේදයක් මේ වනවිට සකස් කර ඇති බවයි.

එමෙන්ම දිවයින පුරා සේවයේ නියුතු සියලු සාමදාන විනිශ්චයකාරවරුන්ගේ තොරතුරු ඇතුළත් විශේෂ දත්ත පද්ධතියක් ද මේ වනවිට සකස් කරමින් පවතින බවද ඔහු පැවසීය. එම පද්ධතිය හරහා ලේඛනයක් හෝ පිටපතක් සහතික කරන පුද්ගලයා සැබවින්ම සාමදාන විනිශ්චයකාරවරයෙකුද යන්න පහසුවෙන් තහවුරු කරගත හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද, ඉදිරියේදී මෙම තනතුර සඳහා නව පත්වීම් ලබාදීමේදී උපරිම වයස් සීමාව වසර 75 දක්වා සීමා කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

 

“මේක දේශපාලණිකව තවදුරටත් දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම ජීවන දත්ත අවුරුදු දෙකකට වරක් අලුත්වැඩියා කරන්න නව ක්‍රමවේදයක් අපි දැන් හදලා තියෙනවා. එතකොට හැමෝම ඒ ග්‍රාම සේවා සහතික සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරන ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඒ වගේම අපි දැන් හදලා ඉවරයි වට්සප් අංකයකුයි, ඊමේල් එකකුයි, ටෙලිෆොන් නම්බරයකුයි. යම් සමාදාන විනිශ්චයකාරතුමෙක් වරදක් කරනවානම් පැමිණිලි කරන්න. තවම සාකච්ඡා කරලා නැහැ එක පාරටම කලින් හිටපු කට්ටියව කැන්සල් කරන්න. සමහරු අවුරුදු 5-10ක් මේක කරලා සුදුසුකම් අරන් තියෙන්නේ හැබැයි ඉතා ඉක්මනින් ඩේටා බේස් එකක් හැදීමේ වැඩේ කරනවා. එතකොට කොහේ සීල් එක ගැහුවත් අපි දන්නවා එයා සාමදාන විනිශ්චයකාරවරයෙක්ද නැද්ද කියලා. එකට දත්ත ඇතුළත් කිරීම තමයි මේ දවස්වල වෙන්නේ… මේක කමිටුවක් මගින් තීරණය කළේ. සාමාන්‍ය මතයක් වුණේ මේ ව්‍යාකූල ලේඛණ ආපුවාම කියවලා තේරුම් ගන්න නිසි මානසික තත්ත්වයක්, සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. ඉදිරියේදී දෙන ඒවා වයස 75 කියලා කමිටුව තීන්දු කළා. ඒක වෙනස් කරන්න තරම් සාදාරණ සහ යුක්තිසහගත කරුණු දැක්වීමක් මට මේ දක්වා ලැබිලා නෑ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button