
වෙනිසියුලාවට ප්‍රබල භූකම්පන දෙකක්
වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් නගරයට ආසන්න ප්‍රදේශයක අද අලුයම ප්‍රබල භූකම්පන දෙකක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පළමු භූකම්පනය රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයකින් මොන්ටල්බන් ප්‍රදේශයට ආසන්න කිලෝමීටර් 13.2ක ගැඹුරකින් හටගෙන ඇති අතර, එහි කම්පන බලපෑම අසල්වැසි කොලොම්බියාවට ද දැනී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ භූකම්පනයෙන් අනතුරුව කැරකස් නගරයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි. ඇතැම් ස්ථානවල ගොඩනැගිලි කඩා වැටී ඇති අතර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.
පසුව රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූකම්පනයක් එම කලාපයට බලපා ඇති බව වාර්තා වේ. එම භූකම්පනයෙන් ද අගනුවර ප්‍රදේශ කිහිපයකට දැඩි හානි සිදුව ඇති අතර, ගොඩනැගිලි රැසක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් කඩා වැටී තිබේ.
භූකම්පන දෙකෙන් අනතුරුව වෙනිසියුලාව සහ ආසන්න කැරිබියන් දූපත් කලාප සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



