කාලගුණය

වියළි කාලගුණය හේතුවෙන් අක්කර 8,000කට හානි

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වගා බිම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මේ වනවිට අක්කර 8,000කට ආසන්න භූමි ප්‍රමාණයක වගා හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ මෙම වගා හානි හේතුවෙන් ගොවීන් 7,000කට ආසන්න පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි.

වියළි කාලගුණය හමුවේ මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ගොවිබිම් හානියට පත්ව ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මේ වනවිට හානියට පත් වගා බිම් නිරීක්ෂණය කරමින් හානි ප්‍රමාණය තක්සේරු කිරීමේ කටයුතු සිදුකරන බවද සභාපතිවරයා පැවසීය.

එම තක්සේරු කටයුතු අවසන් කිරීමෙන් පසු මෙම කන්නය අවසන් වීමට පෙර වගා හානි සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

වගා හානි සඳහා මේ වනවිට රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර ඇති බවත්, හානියට පත් සියලුම ගොවිබිම් සඳහා හානි ප්‍රමාණය අනුව වන්දි ගෙවීමට කටයුතු කරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button