ප්‍රධාන පුවත්

නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා පවතී. කෙසේ වෙතත් කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී ඇත.

එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකිය.

මෙම තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික හා ධීවර ප්‍රජාවට උපදෙස් ලබාදී තිබේ.

තවද ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් එහි ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මීට අමතරව මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5 සිට 3.0 දක්වා ඉහළ යා හැකි බැවින් සියලු නාවික හා ධීවර ප්‍රජාව වැඩි අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button