ප්‍රධාන පුවත්

ඉරාන යුද්ධය නිසා වන්දි ගෙවන හෝමූස් – ගමනාගමනය 95%කින් පහළට

පෙබරවාරි 28 වැනිදා ඉරානය සම්බන්ධයෙන් උද්ගත වූ යුද තත්ත්වයට පෙර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට සාමාන්‍යයෙන් නෞකා 138ක් පමණ ගමන් කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි. එහෙත්, වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට නෞකා 5 සිට 6 දක්වා දැඩි ලෙස පහළ බැස ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සළකා බැලූ විට 95%කින් අඩුවීමක් ලෙස සැලකේ.

ඉරාන බලකායන් විසින් නෞකා ඉලක්ක කරමින් නිරන්තර ප්‍රහාර එල්ල කිරීම මෙම අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි වාර්තා වේ. එමත් සමඟම, මාර්තු මාසය ආරම්භයේ සිට මේ දක්වා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 100කට ආසන්න ප්‍රමාණයක් ගමන් කර ඇති බවද දත්ත පෙන්වා දෙයි.

මෙම කාලය තුළ ගමන් කළ නෞකාවලින් තුනෙන් එකක් පමණ ඉරානයට සම්බන්ධ නෞකා බව ද විශ්ලේෂණවලින් හෙළි වී ඇත. යුද අවදානම මධ්‍යයේද, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් නෞකා කිහිපයක් තවදුරටත් ගමන් කරමින් පවතී.

කෙසේ වෙතත්, ලෝකයේ ඉතාම කාර්යබහුල මුහුදු මාර්ගයක් ලෙස සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය, වර්තමාන යුද තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස අඩපණ වී ඇති බව පැහැදිලි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button