ප්‍රධාන පුවත්

RMV හිටපු නිලධාරීන් 3ක් අත්අඩංගුවට

ව්‍යාජ ආකාරයෙන් වාහන ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර,

නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් සඳහා අනිත්‍යානුකූල පැවරීම් සිදු කිරීමට දත්ත ඇතුළත් කළ බවට චෝදනා ලැබූ හිටපු සංවර්ධන සහකාරවරයෙකු (මාර්ග ආරක්ෂාව),

එම වාහන සඳහා කවුළු අංක නිකුත් කිරීමේ වංචාකර ක්‍රියාවලියට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු විමර්ශන සහකාරවරයෙකු,

සහ එම ක්‍රියාවලියට අනුමැතිය ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු සහකාර කොමසාරිස්වරයෙකු ඇතුළත් වේ.

මෙම සැකකරුවන් විසින් නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන තුනක් සඳහා නීතිවිරෝධීව හිමිකම් පැවරීම් සිදු කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button