යුද්ධ සහ ගැටුම්

ඉරාන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක් – ගුවන්යානා තිබූ බවද වාර්තා වෙයි.

ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළවලින් එකක් වන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අද (7) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ, එරට වේලාවෙන් අලුයම සිදුවූ මෙම පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ප්‍රදේශයෙන් විශාල දුම් වළාවක් ඉහළට නැගී ඇති බවය. ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට සමාජ මාධ්‍යවල පළවී තිබේ.

මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉරානයේ ප්‍රධාන දේශීය ගුවන් ගමන් සඳහා භාවිත වන මූලික ගුවන්තොටුපොළක් ලෙස සැලකේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ගුවන්යානා කිහිපයක් ගුවන්තොටුපොළ තුළ තිබූ බවද වාර්තා වෙයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය අනුව, ගුවන්තොටුපොළේ ස්ථාන කිහිපයක් සතුරු ප්‍රහාරවල ඉලක්ක වී ඇති බව තහවුරු කර ඇත.

ඊට පෙර මාර්තු 4 වනදා ද එම ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එහිදී හෙලිකොප්ටර් නිෂ්පාදන අංශය ඇතුළු ඊශ්‍රායලයට තර්ජනයක් විය හැකි පද්ධති කිහිපයක් විනාශ කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, නවතම ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළ තුළ නිශ්චිතව කුමන ස්ථාන ඉලක්ක කර ඇත්ද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button