
ප්‍රධාන පුවත්
ජනපති සහ රජය විවේචනය කළ බවට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයේ අන්තර්ගත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CID) විසින් අද (31) දිනය.
පොලීසිය සඳහන් කළේ, පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව පරිගණක විමර්ශන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර නිලධාරියා ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙකු බවයි.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අද (31) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරමින් පවතී.



