
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් අවට යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරමින් යුක්‍රේනය විසින් විශාල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව විසින් සිදුකරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියානු අවි ගබඩා සහ නාවික කඳවුරක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.
යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡා පැවැත්වීමේ යෝජනාවක් සම්බන්ධයෙන් සෙලෙන්ස්කි හමුවීම ප්‍රයෝජනවත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළ දිනකට පසුව මෙම ප්‍රහාරය සිදුව ඇති බවද වාර්තා වේ.
එමෙන්ම රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් කලාපයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ඩ්‍රොස්ඩෙන්කෝ පවසා ඇත්තේ කලාපය ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානා 140කට අධික සංඛ්‍යාවක් ආරක්ෂක අංශ විසින් බිම හෙළූ බවයි.
ආරක්ෂක හේතූන් මත ප්‍රදේශවාසීන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසද බලධාරීන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.



